අසාද් සාලි එළඹෙන 12 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා එළඹෙන 12 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.
අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී සැකකාර අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ අතර ඉන් අනතුරුව ලබන 12 වන දා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා නියෝග කළේය.
කෙසේ වෙතත් මේ වන විට අසාද් සාලි මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇති වන ආකාරයේ ප්‍රකාශ සිදුකළේ යැයි සැකපිට අසාත් සාලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

