විදේශීය

ජෝ බයිඩන් කොවිඩ් බූස්ටර් එන්නත ලබාගනී

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් කොවිඩ් බූස්ටර් එන්නත් මාත්‍රාව හෙවත් තෙවන කොවිඩ් එන්නත් මාත්‍රාව ලබාගෙන ඇති බව ධවල මන්දිරය නිවේදනය කර ඇත.

එරට මාධ්‍ය වාර්තා කර වාර්තා කළේ, අවදානම් සහිත රෝගී තත්වයන් සහිත වැඩිහිටියන් සහ අත්‍යවශ්‍ය සේවා නිරතව සිටින පුද්ගලයින්හට පළමු අදියර යටතේ තෙවන මාත්‍රාව ලබාගැනීම සඳහා සුදුසුකම් ලබන බවයි.

මේ වන විට ඇමරිකානුවන්ගෙන් 77 % ක් කොව්ඩ් මර්දන එන්නත් ලබාගෙන තිබුනද එය  ප්‍රමාණවත් නොවන බවයි ඇමරිකානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ.

එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් දන්වා ඇත්තේ වැඩිහිටි ජනගහනය කොවිඩ් එන්නත්කරණය සම්පුර්ණ කර තෙවන මාත්‍රාවක් හෙවත් බූස්ටර් එන්නත් මාත්‍රාවක් සඳහා යොමුවීම වඩාත් යෝග්‍ය බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *