දේශීය

චීනයෙන් කාබනික පොහොර ආනයනය කිරීමේ තීරණය අත්හිටුවයි

මෙවර මහ කන්නය සඳහා චීනයෙන් ආනයනය කිරීමට නියමිත තිබූ නයිට්‍රජන් කාබනික පොහොර අදාළ සමාගමෙන් ආනයනය නොකිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා තීරණය කර තිබේ.

චීනයේ පොහොර නිෂ්පාදන සමාගම එවා ඇති සාම්පල් පරීක්ෂා කිරීමේදී ඒවායේ පසට අහිතකර බැක්ටීරියාවන් තිබෙන බවට රසායනාගාර පරීක්ෂණවලදී හඳුනා ගැනීම හේතුවෙන් මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *