දේශීය

හරීන් ප්‍රනාන්දු යළිත් රෝහල් ගත කෙරේ

හෘදයාබාධයක් ඇතිවීම හේතුවෙන් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා රෝහල් ගත කර තිබේ.

මීට මාස කිහිපයකට පෙර ඔහුට හෘදය ආශ‍්‍රිතව සිදුකරන ලද සැත්කමක් මත ඇති වූ සංකූලතාවයන් නිසා ඔහුට එම අසනීප තත්ත්වය ඇතිවී තිබෙන බව වාර්තා වේ.

පෙරේදා (27) දිනයේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර තිබුණ මන්ත‍්‍රීවරයා ඊයේ (28) වනවිට සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කර තිබේ.

එ‍ළඹෙන සිකුරාදා යළිත් හරීන් ප්‍රනාන්දු මහතාට තවත් ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිතව ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *