දේශීය

ගුවන් මගීන්ට PCR පරීක්ෂාවකට ලක් නොවී සමාජගතවීමට අවස්ථාව

දේශීය හා විදේශීය ගුවන් මගීන් සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පනවන ලද නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව නව සෞඛ්‍ය මාර්ගෝපදේශ හරහා පූර්ණ එන්නත්කරණයට ලක්ව සති 02ක් ඉක්මවා ඇති ගුවන් මගීන්ට මෙරට ගුවන් තොටුපළවලදී PCR පරීක්ෂාවකට ලක් නොකර සමාජගතවීමට අවස්ථාව හිම් වේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති අදාළ ගුවන් මගීන් මෙරටට පැමිණිමට පෙර එම සංචාරකයා පැමිණෙන රටේදී පැය 72ක් ඇතුලත කරන ලද PCR පරීක්ෂණයකින් කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට තහවුරු විය යුතු බවයි.

මේ අතර පූර්ණ එන්නත්කරණය නොවූ විදේශීය සංචාරකයින්ට ජෛව බුබුළක් ලෙස සිය හෝටලය වෙත යාමට අවස්ථාව හිමිවන අතර එහිදී එම සංචාරකයින් PCR පරීක්ෂණයකට ලක් විය යුතුයි.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට පැමිණීමේදී ගුවන් තොටුපළේදී හෝ රැදී සිටින හෝටලයේදී PCR පරීක්ෂණ කිරීමෙන් පසු ආසාදිතයෙකු නොවන බවට තහවුරු වුවහොත් ඔවුන්ගේ නිවෙස් කරා යොමු වීමට අවස්ථාව හිමි වේ.

එහිදී දින 12කට පසු නැවත PCR  පරීක්ෂණයක් සිදු කළ යුතු අතර එමඟින් ආසාදිතයෙකු නොවන බවට තහවුරු වන්නේ නම් ඔවුන්ට සමාජගතවීමට අවස්ථාව හිමිවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *