දේශීය

මාතලේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

මාතලේ ප්‍රදේශ කිහිපයකට අද (29) දින පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවිමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය දැනුම් දී තිබේ.

විසල් මාතලේ ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් ප්‍රධාන ජල මාර්ගයට කන්දෙගෙදර ටැංකිය සහ උඩුගම ජල ටැංකිය සම්බන්ධ කිරිම හේතුවෙන් පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අතුහිටවනු ලබයි.

ඒ අනුව උඩුගම, පළාපත්වල, දොස්තරවත්ත, දුංකළවත්ත ,සාප්පුවත්ත, සමන්දාව, කිරිගල්පොත්ත, නිකවල B සහ C කොටස, මාතලේ මහා නගර සභා සිමාව , A-9 මාර්ගය, තැන්න, උඩුපිහිල්ල, අලුවිහාරය, කලුදැවල, කොටුවේගෙදර, කුඹියන්ගොඩ, මණ්දණ්ඩාවල, රත්තොට පාර, අගලවත්ත, පාරාවත්ත, කිවුල හා විහාරපාර යන ප්‍රදේශ සඳහා ජල සැපයුම අත්හිටුවනු ලබන බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *