විදේශීය

ලිංගික අපයෝජන කළ බවට WHO කාර්ය මණ්ඩල සාමාජිකයින්ට චෝදනා

කොංගෝ ජනපදයේ ඉබෝලා වසංගතය පාලනය කිරිමේදී කාන්තාවන් සහ ගැහුණු ළමුන් ලිංගික අපයෝජනයට ලක් කළ සහන සේවකයින් අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ද සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

පුද්ගලයින් 83 දෙනෙකුට 2018 සහ 2020 අතර කාලය තුළ සිදුව ඇති එම අපයෝජන සඳහා චෝදනා එල්ල වී ඇති අතර එම පිරිස අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 21 දෙනෙකු ද සිටින බව වාර්තා වේ.

මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය, චෝදනා එල්ලවී ඇති තවත් සේවයේ සිටින පුද්ගලයින් සිව් දෙනෙකුගේ ගිවිසුම් අවලංගු කිරීමට කටයුතු කර ඇත.

මෙලෙස ලිංගික අපයෝජනයට ලක් වීම නිසාවෙන් වින්දිතයින් බවට පත්ව සිටින පිරිස් ආරක්ෂා කිරීමට හා ඔවුන්ට සහය දැක්වීමට තමා කටයුතු කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *