දේශීය

ලෝක හදවත් දිනය අද

ලෝක හදවත් දිනය අදට යෙදී තිබේ.

මෙවර එහි තේමාව වන්නේ ‘සුවැති දිවියක් සඳහා හදවතින්ම සබැඳෙමු’ යන්නයි.

ලොව බෝ නොවන රෝග අතරින් පසුගිය දශක කිහිපයේ සීඝ්‍ර ලෙස වැඩි වූ රෝගයක් ලෙස හදවත් රෝග හැඳින්විය හැක.

වාර්ෂිකව මෙරට පුද්ගලයින් 45,000ක් හදවත් රෝග හේතුවෙන් මියයන බව ශ්‍රී ලංකා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති හෘද රෝග විශේෂඥ වෛද්‍ය අනිඳු පතිරණ මහතා සඳහන් කරයි.

කොරෝනා ව්‍යාප්තියත් සමග සංචරණ සීමා පැනවූවද හෘද රෝගීන් නිර්දේශ කර ඇති ඖෂධ නිසි පරිදි ලබාගත යුතු බව විශේෂඥ වෛද්‍ය අනිඳු පතිරණ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *