ක්‍රීඩා

IPL තරගාවලියේ ලකුණු පුවරුවේ 5වන තැන මුම්බායි ඉන්දියන්ස් හිමිකර ගනී

මුම්බායි ඉන්දියන්ස් හා පංජාබ් කිංස් යන කණ්ඩායම් අතර ඊයේ (28) පැවති තරගයෙන් ජය වාර්තා කිරීමට  මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට හැකි විය.

තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි පිලේ ආරාධනයෙන් පංජාබ් කිංස් යන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන ලදි.

එහිදී කඩුලු 6ක් දැවී ලකුණු 135ක් රැස් කිරීමට පංජාබ් පිල සමත් විය.

ඒඩ්න් මාක්‍රම් ලකුණු 42ක් ද කේ.එල්.රාහුල් ලකුණු 21ක් ද මන්දීප් සිං ලකුණු 15 ද වාර්තා කරමින් තම ඉනිම ශක්තිමක් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ මුම්බායි පිල තමන්ට නියමිත ඉනිම නිමා වීමට පන්දු 06 ක් ඉතිරිව තිබියදී සිය ජයග්‍රහනය වාර්තා කළේය.

ඒ අනුව මේ වන විට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම IPL තරගාවලියේ ලකුණු පුවරුවේ 5වන තැන හිමි කර ගැනිමට සමත් වී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *