කල් ඉකුත් වන රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ
රියදුරු බලපත්‍රවල වලංගු කාලසීමාව කල් ඉකුත්වීමේ දින දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා.
ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා ඇත.
ඒ අනුව මේ වසරේ අප්‍රේල් මස 1 වැනි දායින් ආරම්භ වී සැප්තැම්බර් 30 වන දායින් කල් ඉකුත්වීමට නියමිත ව තිබූ සෑම රියදුරු බලපත්‍රයක ම වලංගු කාලසීමාව කල් ඉකුත්වීමේ දිනයේ සිට වසරකින් දීර්ඝ කර තිබේ.
එසේම මේ වසරේ ඔක්තෝම්බර් 1 වන දායින් ආරම්භ වී ලබන වසරේ මාර්තු 31 වන දායින් කල් ඉකුත්වීමට නියමිත සෑම රියදුරු බලපත්‍රයක ම වලංගු කාලය කල් ඉකුත්වීමේ දිනයේ සිට මාස හයකින් දීර්ඝ කර ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ දන්වා ඇත.
අදාළ ගැසට් නිවේදනය පහතින් දක්වා තිබේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

