දේශීය

තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද (30) පෙරවරුවේ දිවයිනට රැගෙනවිත් තිබේ.

ඖෂධ සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්යය චන්න ජයසුමන මහතා සඳහන් කළේ ෆයිසර් එන්නත් මාත්‍රා 408,650ක තොගයක් කොවැක්ස් පහසුකම යටතේ මෙලෙස ලැබී ඇති අතර හෙට (01) දිනයේ දී ඒ හා සමානම එන්නත් මාත්‍රා තොගයක් ලැබීමට නියමිත බවයි.

මේ දක්වා දිවයිනට එක්වරකදී රැගෙන ආ වැඩිම ෆයිසර් එන්නත් මාත්‍රා තොගය මෙය බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *