පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යළි විවෘත වෙයි
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල හා සියලුම පළාත් කාර්යාලවල සේවාවන් ඔක්තෝබර් 04 වනදා සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
කෙසේනමුත් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක් දින සේවාව තවදුරටත් ක්‍රියාත්මක නොවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා වන ඉල්ලුම්පත් ග්‍රාම නිලධාරීන් මඟින් සහතික කළ පසු අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටුවා ඇති පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලය වෙත භාර දිය යුතු වේ.
එම අයදුම්පත් සඳහා ජාතික හැඳුනුම්පත් සකස් කර අයදුම්කරුවන්ගේ පෞද්ගලික ලිපිනයට ලියාපදිංචි තැපෑල මඟින් කඩිනමින් යොමුකිරීමට නියමිතය.
ඊට අදාල නිවේදනය පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

