ක්‍රීඩා

IPL තරග ඉතිසාසයේ පළමුවරට තරග දෙකක් එකම වේලාවකදී

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලීයේ මූලිය අවසන් තරග දෙක එකම වේලාවක දී පැවැත් විමට තරග සංවිධායකයින් තීරණය කර තිබේ.

සන්රයිසස් හයිද්‍රාබාත්, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර හා රෝයල් චැලන්ජර්ස් බැංගලෝර්, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් අතර මෙවර IPL තරගාවලියේ මූලික වටයේ අවසන් තරගවට පැවැත් විමට නියමිත වේ.

IPL තරග ඉතිසාසයේ එකම වේලාවකදී තරග දෙකක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය ලෙස වාර්තා වේ.

ඉහතින් සඳහන් කළ කණ්ඩායම් පිළිවෙලින් අබුඩාබීහීදී හා ඩුබායිහිදී එළඹෙන 08 වන දා රාත්‍රී 7.30ට තරග තරග කිරීමට නියමිත වේ.

සවස් කාලයේ හා රාත්‍රී කාලයේ මෙම තරග පැවැත් වීමට මීට පෙර සංවිධායන කර තිබුනද මේ වන විට එම තත්ත්වය වෙනස් කර එකම වෙලාවක තරග දෙක පැවැත් වීමට තරග සංවිධායකයින් කටයුතු සංවිධායන කර ඇත.

කෙසේවෙතත් මෙම තීරයට හේතුව කුමක් ද යන්න මෙතෙක් ඉන්දීය ක්‍රිකට් ආයතනය නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති බව වාර්තා වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *