සහල් උපරිම මිල අවලංගු කරන ගැසට් පත්‍රය නිකුත් කෙරේ
සහල් සඳහා උපරිම මිලක් පනවමින් රජය නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ සහල් නිෂ්පාදකයෙකු , මෝල් හිමියෙකු, සහල් අලෙවි කළ යුතු උපරිම මිල නියම කරමින් පසුගිය 02වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන බවයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
පසුගිය 02වැනිදා නිකුක් කළ ගැසට් නිවේදනයට අනුව සුදු කැකුළු සහ රතු කැකුළු කිලෝවක් රුපියල් 95කට ද නාඩු කිලෝවක් රුපියල් 98කට ද සම්බා කිලෝවක් රුපියල් 103කට ද කීරී සම්බා කිලෝවක් රුපියල් 125ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබුණි.
නමුත් පසුගියදා රැස්වූ කැබිනට් මණ්ඩලය එම ගැසට් නිවේදනය අවලංගු කිරීමට තීරණය කළේ ය.
මේ අතර පෙරේදා මහා පරිමාණ සහල් මෝල් හිමියන් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් සහල් අලෙවි කිරීමේ උපරිම මිල ගණන් නිවේදනය කර ඇත.
ඔවුන් සඳහන් කළේ නාඩු රුපියල් 115කට ද සම්බා රුපියල් 140කට ද කීරි සම්බා රුපියල් 165කට ද සිල්ලර වෙළෙඳපොළේ අලෙවිකරන බවයි.
එම ගැසට් නවේදනය පහතින්,

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

