ලෝක ළමා දිනය අදයි
ලෝක ළමා දිනය අදට (01) යෙදී තිබේ.
“සියල්ලට ම පෙර දරුවන්” යන තේමාව යටතේ මෙවර ළමා දින ජාතික උත්සවය අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව මෙවර ලෝක ළමා දිනය සැමරීමට කටයුතු සූදානම් කර තිබේ.
මේ අතර ලෝක ළමා දිනය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ සමාජානුයෝජන ක්‍රියාවලියේදී පුරෝගාමී සියලුම ආකාරයේ වැඩිහිටියන්ට ළමයින් සම්බන්ධයෙන් පැවරී ඇති වගකීම සුළු කොට තැකිය නොහැකි බවයි.
එබැවින් ළමයාට අයිති ළමා කාලය ඔවුන්ට රිසි සේ සැරිසැරීමට ඉඩ හරිය යුතු බව ජනාධිපතිවරයා එම පණිවුඩය මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
රජයක් ලෙස හැම විටම ළමා අයිතිවාසිකම් තහවුරු කිරීමට කැපවී සිටින බව ලෝක ළමා දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

