නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරිම් කඩිනමින් ඇරඹීමට කටයුතු
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කිරිමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව වරාය හා නාවුක අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසා තිබේ.
ඒ සඳහා අදාල ප්‍රසම්පාදන කටයුතු ලබන සතියේ අවසන් විමට නියමිත බව අමාත්‍යවරයා දන්වා ඇත.
ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ දෝඹකර 12 කින් සමන්විතව මිටර් 1400ක දිගකින් යුක්තව අංග සම්පූර්ණ පර්යන්තයක් ලෙස නැගෙනහිර පර්යන්තය 2024 වර්ශය වන විට නිර්මාණය කිරීමට පියවර ගන්නා බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

