දේශීය

පෞද්ගලික බස් රථ ධාවනයේ අඩුවක් දක්නට ලැබෙනවා – අමාත්‍ය දිලුම් අමුණුගම

දිවයින පුරා පනවා තිබූ ඇදිරි නීතිය ඉවත් කොට ඊයේ සිට රට විවෘත කළද පෞද්ගලික බස් රථ ධාවනයේ අඩුවක් දක්නට ලැබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා  සඳහන් කර තිබේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ බහුතරයක් බස් රථ සේවකයන් වෙනත් රැකියා සඳහා යොමුවීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

කෙසේවෙතත් මගීන් වෙනුවෙන් පළාත් තුළ බස් රථ වැඩි සංඛ්‍යාවක් ධාවනයට එක් කර ඇති බවයි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය දන්වා ඇත.

මේ වන විට රට විවෘත කළද පළාත් අතර බස් රථ ධාවනය තවදුරටත් සිදු නොවන අතර භාණ්ඩ ප්‍රවාහනය සදහා පමණක් දුම්රිය ධාවනය කෙරේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *