ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සේවා යළි ඇරඹේ
කොවිඩ් වෛරස ව්‍යාප්තියේ අවදානම හේතුවෙන් තාවකාලිකව වසා තිබූ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සේවාවන් සැපයීම සෞඛ්‍යාරාක්ෂිත ක්‍රමවේද යටතේ නැවත ඔක්තෝබර් මස 4 වන දා සිට ආරම්භ කිරීමට තීරණය කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති වෛද්‍ය සවින්ද්‍ර ගමගේ මහතා සඳහන් කර ඇත්තේ, ඕනෑම ජංගම දුරකථන ජාලයකින් 225 අංකයට හෝ ස්ථාවර දුරකථනයකින් නම් අංක 1225 අංකයට ඇමතුමක් දී දිනයක් වෙන් කරවාගෙන අදාළ ආයතනයේ සේවාවන් ලබා ගැනිමට පැමිණීම අනිවාර්ය බවයි.
එසේම www.ntmi.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ ඊ චැනලින් යෙදුම මඟින් දිනයක් හා වේලාවක් වෙන්කර ගත හැකි බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ඊ – චැනලින් සේවාව මගින් දිනයක් හා වේලාවක් වෙන් කර ගෙන මේ දක්වා සේවා ලබා ගත නොහැකි වූ සේවාලාභීන් සේවා ලබා ගැනීම සඳහා පැමිණිය යුතු දිනය හා වේලාව පසුව දැනුම් දෙන බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

