ළමුන් සම්බන්ධ නඩු විභාගයට නව අධිකරණයක් – අධිකරණ අමාත්‍ය අලි සබ්රි
දරුවන් සම්බන්ධ නඩු විභාග කිරීම සඳහා විශේෂ අධිකරණයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් සිටින බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කර ඇත.
එසේම අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ දරුවන් සම්බන්ධ නීතී රැසක් සංශෝධනය කිරීමට ද පියවර ගනිමින් සිටින බව යි.
දරුවන් සාක්ෂිකරුවන් ලෙස අධිකරණ වෙත කැදවීමකින් තොරව ඔවුන්ගේ සාක්ෂි වීඩියෝපට හරහා ලබාගැනීමට ළමා පියස නමින් නව විශේෂ මැදිරියක් රාගමදී ඊයේ(01) විවෘත කෙරුණු අතර ඒ් සඳහා සහභාගී වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසුවේ කඩිනමින් නඩු විභාග අවසන් කිරීම හරහා ළමා පරපුර ආරක්ෂා කර ගත හැකි බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

