විදේශීය

පිලිපීන ජනපති දේශපාලන දිවියෙන් සමුගනී

පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටෙර්ටේ සිය දේශපාලන දිවියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ.

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තුන්වන වරටත් ජනාධිපති ධුරයට පත් විය නොහැකි බැවින් ඉදිරි ජනාධිපතිවරණයේදී උප ජනාධිපතිවරයා ලෙස ඉදිරිපත් වන බවට රොද්‍රිගෝ ඩුටෙර්ටේ පසුගියදා ප්‍රකාශ කර තිබුණී.

කෙසේවෙතත් ඔහු පවසන්නේ තමන් උප ජනාධිපතිවරයා වශයෙන් ඉදිරිපත් නොවන අතර සිය දේශපාලන දිවියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කළ බවයි.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඔහුගේ දියණිය ඉදිරිපත් කිරීමට සූදානමින් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *