දේශීය

ඉන්දු – ශ්‍රී ලංකා මිත්‍ර ශක්ති හමුදා අභ්‍යාසය හෙට ඇරඹේ

ඉන්දු – ශ්‍රී ලංකා මිත්‍ර ශක්ති හමුදා අභ්‍යාසය හෙට (04) අම්පාර යුද හමුදා සටන් පුහුණු පාසලේදී ආරම්භ වීමට නියමිතව තිබේ.

මෙම හමුදා අභ්‍යාසය හෙට සිට ලබන 17 වනදා දක්වා පැවැත්වීමට නියමිත බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා සඳහන් කරයි.

ඒ සඳහා සහභාගි වීමට මෙරට පැමිණ ඇති ඉන්දීය හමුදා සමාජිකයින් සංඛ්‍යාව 120ක් වන අතර ඊට සමාන භට පිරිසක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හමුදා අභ්‍යාසයට සහභාගිවනු ඇත.

දෙරටේ හමුදා අතර සුහදතාවය වර්ධනය හා අත්දැකීම් හුවමාරු කර ගැනීම මෙහි අරමුණ බව හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

යුද අභ්‍යාසය සඳහා සහභාගී වන ඉන්දියානු යුද හමුදාවේ නිලධාරීන් 18 දෙනෙකු සහ සෙසු නිලයින් 102 දෙනෙක් ඊයේ (02) දින දහවල් ඉන්දියානු ගුවන් හමුදාවේ ගුවන් යානයකින් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *