දේශීය

කොවිඩ් ආසාදිතයින්ට ඇතිවිය හැකි පසුකාලීන රෝග ලක්ෂණ 09ක්

කොවිඩ් ආසාදනය වන පුද්ගලයින් අතර දින 90ත් 180ත් දක්වා වූ කාලයක් දක්නට ලැබෙන දිගුකාලීන රෝග ලක්ෂණ 9ක් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

ඔහු සිය Twitter ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ.

අසාමාන්‍ය ලෙස හුස්ම ගැනීම, උදර රෝග ලක්ෂණ, මානසික අවපීඩනය, පපුවේ සහ උගුරේ වේදනාව, සංජානන ගැටළු, තෙහෙට්ටුව, හිසරදය, මාංශපේශී වේදනාව සහ වෙනත් වේදනාවන් වශයෙන් අදාළ රෝග ලක්ෂණ හඳුනාගෙන ඇත.

මින් ආතතිය වැනි රෝග ලක්ෂණ සියයට 15ක් වැනි ඉහළ මට්ටමකින් පැවතිය හැකි අතර අනෙකුත් ලක්ෂණ සියයට 1.5ත් 08ත් අතර අගයක පැවතිය හැකිය.

කොවිඩ් ආසාදිතව රෝහල්ගතවූවන් අතර මෙම ලක්ෂණ වැඩි වශයෙන් පෙන්නුම් කල හැකි බවත් එයින් ද වැඩි පිරිසක් කාන්තාවන් බවත් ආචාර්ය චන්දිම ජීවන්දර මහතා තබා ඇති ට්විටර් සටහනෙහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *