දේශීය

බස්නාහිර විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1,156 ක් අත්අඩංගුවට

බස්නාහිර පළාතේ ඊයේ (02) උදෑසන 6.00 සිට සවස 6.00 දක්වා කාලය තුළ පොලීසිය විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.

එහිදී විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 1,156 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම මෙහෙයුම දියත් කර තිබේ.

එහිදී අධිකරණය මගහැර සිටි වරෙන්තුකරුවන් 531ක්, විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 54ක් සහ දූෂණ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 491ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *