රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ජය
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් කඩුලු 7ක ජයක් හිමිකර ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 189ක් රැස් කළේය.
එම ඉනිම වෙනුවෙන් රුටුරාජ් ගයික්වාඩ් ලකුණු 101ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 3කදී කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.
මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම සමත්වී තිබේ.
ඒ ප්‍රසාද ලකුණු 18ක් සමගිනි.
දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 18ක් ලබාගනිමින් එම සටහනේ දෙවන ස්ථානයේ පසුවේ.
රෝයල්ස් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම ප්‍රසාද ලකුණු 14ක් ලබාගනිමින් තෙවන ස්ථානයේ පසු වන අතර ප්‍රසාද ලකුණු 10ක් හිමිකරගෙන ඇති කොල්කටා නයිට්රයිඩස් කණ්ඩායම එම සටහනේ සිව්වන ස්ථානයට පත්වී ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

