දේශීය

අද පාර්ලිමේන්තුව රැස්වෙයි

විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් ලෙස අද (04) පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තුව අද පෙ.ව. 10.00 සිට ප.ව. 4.30 දක්වා රැස්වීමට නියමිත අතර අද සිට අඛණ්ඩව දින 5 ක් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

පාර්ලිමේන්තුවේදී ඇසීමට නොහැකි වූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 40ක් සඳහා පිළිතුරු ලබාදීමට මෙම විශේෂ රැස්වීම කැඳවා ඇති බව සඳහන් වේ.

හෙට (05) දිනයේදී එකතු කළ බදු පනත යටතේ නියෝග දේශීය ආදායම් පනත යටතේ නියෝග සහ මුදල් පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතව තිබේ.

මේ අතර මෙම සතිය තුළ අමාත්‍යාංශ උපදේශක කාරක සභා 02ක් සහ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා 02ක් රැස්වීමට නියමිතය.

ඒ අනුව අද දිනයේ කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යංශීය උපදේශක කාරක සභාව රැස්වෙන අතර ලබන 06 වන දින අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යංශීය උපදේශක කාරක සභාව රැස්වීමට නියමිතව ඇත.

ඊට අමතරව හෙට (05) දිනයේ ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව රැස්වීමට සැලසුම් කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *