දේශීය

අනිල් ජාසිංහ එන්නත් කාඩ්පත නොමැතිව ගුවන්තොටුපොළේ සිරවෙයි

ඊයේ (03) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට කොවිඩ් මර්දන එන්නත් ලබා ගත් බවට සනාථ කරන කාඩ්පත රැගෙන නොපැමිණීම නිසා ඔහුට ගුවන් ගත වීමට නොහැකිව ගුවන් තොටුපළ තුළ රැදී සිටීමට සිදු වී තිබේ.

දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියා ෆැසිපික් පරිසර ප්‍රාදේශීය සමුළුවට සහභාගීවීම සඳහා ඊයේ ඔහු මෙලෙස ගුවන් තොටුපල වෙත පැමිණ තිබුණි.

කෙසේ නමුත් පසුව එන්නත් කාඩ් පතෙහි පිටපතක් තම ජංගම දුරකථනයට ගෙන්වා ගෙන එය පෙන්වීමෙන් අනතුරුව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට පිටත්වීමට අවසර ලබාදී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *