දේශීය

ඛණිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

අද (06) තෙවන දිනටත් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.

ඒ අනුව එහිදී ඛණිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව ඇත.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව සතු තෙල් සහ ගෑස් නිධි භාවිත කරමින් ඛණිජ තෙල් සහ ගෑස් නිෂ්පාදනය මෙරට තුළ ආරම්භ කිරීම සඳහා අවශ්‍ය නෛතික පසුබිම සහ නියාමන යාන්ත්‍රණය සැකසීම, එමඟින් ඛණිජ තෙල් ක්ෂේත්‍රයේ ආයෝජකයින් මෙරට ඛණිජ තෙල් ගවේෂණය සඳහා ආකර්ෂණය කර ගැනීම නව පනත මගින් අපේක්ෂා කෙරෙන බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *