ලොව විශාලතම බහලුම් නෞකාව කොළඹ වරායට
ලොව විශාලතම බහාලුම් නෞකාව වන EVER ACE බහාලුම් නෞකාව අද (06) අලුයම ප්‍රථම වරට කොළඹ වරායට සේන්දු වී තිබේ.
කොළඹ වරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය වෙත නෞකාව පැමිණි බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කරයි.
කොළඹ වරාය ද ඇතුළුව මෙම නෞකාවට ගමන් කළ හැක්කේ ලෝකයේම වරායවල් 24කට පමණක් වීම විශේෂත්වයකි.
එවර් ග්‍රීන් සේවාවට අයත් බහාලුම් 24,000ක ධාරිතාවයෙන් යුත් මෙම නෞකාව දිගින් මීටර් 400කින් යුත් මීටර් 61.5ක පළලකින් යුත් නෞකාවේ ගැඹුර මීටර් 14.5 කි.
නාවික සැතපුම් 22.6 ක වේගයෙන් යාත්‍රා කළ හැකි මෙම නෞකාවේ අඩි 20 සම ඒකක බහාලුම් 23,992ක ධාරිතාවෙන් යුක්ත වේ.
මෙම වසරේ ජූලි 28 වනදා මංගල ගමන දියත් කර ඇති මෙම නෞකාව කෙළඹ වරායට ළගා වූයේ නෙදර්ලන්තයේ රොටර්ඩෑම් වරායෙන් පිටත්වී මාසයක පමණ කාලයකට පසුවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

