මුම්බායි පිලට පහසු ජයක්
ඉන්දියන් ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ ඊයේ (05) පැවති තවත් තරගයකින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරදවා කඩුලු 08ක පහසු ජයක් හිමිකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්විය.
රාජස්ථාන් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී රැස්කරගත්තේ ලකුණු 90ක් පමණි.
ජයග්රාහී ඉලක්කය හඹාගිය මුම්බායි කණ්ඩායම පන්දුවාර 08යි පන්දු 2ක් අවසානයේ කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 94ක් ලබාගනිමින් ජයග්රහණය වාර්තා කිරීමට සමත් විය.
කෙසේවෙතත් මුම්බායි කණ්ඩායම IPL ප්රසාද ලකුණු සටහනේ 05වන ස්ථානයේ පසුවෙයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

