ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්
බේරුවල, අලුත්ගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (07) උදෑසන 8.00 සිට පසුදින අලුයම 2.00 දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
ඒ අනුව බේරුවල, අලුත්ගම, දර්ගානගරය, බෙන්තර , කළුවාමෝදර පිළමිනාවත්ත, බෝම්බුවල, පයාගල සහ මග්ගොන යන ප්‍රදේශවල මෙලෙස ජල සැපයුම් අත්හිටුවනු ලැබේ.
අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබුණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

