ඔක්. 15 වැනි දා සිට දුම්රිය ගමන් යළි ඇරඹේ
සියලුම දුම්රිය යළි ධාවනයට එක් කිරීම එළඹෙන 15වන දා සිට ආරම්භ කරන බව දුම්රිය ප්‍රවාහන සමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි.
ඒ අනුව මේ වනවිට සෞඛ්‍ය උපදෙස් මත දැනට තාවකාලිකව නතර කර ඇති සියලුම දුම්රියන් එලෙස යළි ක්‍රියාත්මක කිරීමට නියමිතය.
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය මාර්ග පද්ධතිය සහ දුම්රිය ස්ථානවල සිදු කරන සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මහනුවර සිට බදුල්ල දක්වා දුම්රියෙන් ගමන්කරමින් සිටියදී හැටන් දුම්රිය ස්ථානයට පැමිණි අවස්ථාවේදී දුම්රිය ප්‍රවාහන සමාන්‍යාධිකාරිවරයා මේ බව සඳහන් කළේය.
ඉදිරියේදී දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරීම් වර්ධනය කිරීමට පියවර ගන්නා බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

