පකිස්තානයේ භූ කම්පනයක්
පකිස්තානයේ බලොකිස්ථාන් පළාතේ අද (07) අලුයම මැග්නිටියුඩ් ඒකක 5.7ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබේ.
භූ කම්පනයේ බලපෑමෙන් පුද්ගලයින් 20 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
භූ චලනයත් සමග ගොඩනැගිලි කඩා වැටීමෙන් මෙම පිරිස ජීවිතක්ෂයට පත්ව ඇති අතර අවම වශයෙන් පුද්ගලයින් 150 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගතකර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
සහන කණ්ඩායම් මේ වනවිට ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.
ගල් අඟුරු පතල් විශාල ප්‍රමාණයක් ඇති හර්නායි දිස්ත්‍රික්කයට භූ කම්පනයෙන් වැඩි බලපෑම් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

