ඕමානය හමුවේ පළමු ජය ශ්‍රී ලංකාවට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර ඊයේ (07) පැවැති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 19ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ඕමාන කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.
ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 162ක් රැස් කිරීමට සමත් විය.
එහිදී අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 83ක් ද නායක දසුන් ශානක නොදැවී ලකුණු 51ක් ද රැස් කළේය.
පන්දු යැවීමේදී ෆයියාස් බට් කඩුලු 2ක් ද කාලිමුල්ලා හා කවාර් අලි එක් කඩුල්ල බැගින් දවාගත්තේය.
ජයග්‍රහනය සඳහා ලකුණු 163 ක ඉලක්කයක් සමග පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඕමාන කණ්ඩායමට හැකි වූයේ තමන්ට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 143ක් රැස් කිරීමට පමණි.
එහිදී නසීම් කුෂි ලකුණු 40ක් ද මොහොමඩ් නදීම් ලකුණු 32ක් ද රැස් කළේය.
ඒ අනුව තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ තරග 1-0 ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

