දේශීය

නුවරඑළියේ නිවසක් ගිනි ගෙන‍ 5ක් මරුට

නුවරඑළිය, රාගලවත්ත මැද කොටසේ නිවසක ඊයේ (07) රාත්‍රීයේ ඇති වූ ගින්නකින් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මිය ගිය පිරිස අතර වයස අවුරුදු 60ක පිරිමි පුද්ගලයෙකු අවුරුදු 32ක් හා 55ක් වන කාන්තාවන් දෙදෙනකු, වයස අවරුදු 11 පිරිමි දරුවෙකු සහ අවුරුද්දක් වයසැති පිරිමි දරුවෙකු ද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සඳහන් කරයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (08) පැවැත්වීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *