ශ්රී ලංකාව හා ඕමානය අතර දෙවැනි T 20 තරගය අද
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ දෙවන තරගය අද (09) පැවැත්වීමට නියමිත වේ.
ඕමාන් ක්රිකට් ඇකඩමි ක්රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් රාත්රී 8.00ට තරගය ආරම්භ වේ.
ඕමාන කණ්ඩායම සමග පසුගිය 07 වන දා පැවති පළමු තරගයේදී ශ්රී ලංකා වේග පන්දු යවන ක්රීඩක නුවන් ප්රදීප් ආබාධයකට ලක් වීම හේතුවෙන් අද තරගය සඳහා ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

