දේශීය

අලුත්ගම, කාලවිලවත්ත ප්‍රදේශයේ සංචාරක නිකේතනයක හදිසි ගින්නක්

අලුත්ගම, කාලවිලවත්ත ප්‍රදේශයේ සංචාරක නිකේතනයක හදිසි ගින්නක් ඊයේ(08) රාත්‍රී හට ගෙන තිබේ.

කළුතර නගර සභා නිලධාරීන් හා ප්‍රදේශවාසින් එක්ව ගින්න මැඩපැවැත් වූ  බව පොලීසිය සඳහන් කළේය.

ගින්න හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර සිදුවී ඇති අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බවයි සඳහන් වන්නේ.

කෙසේවෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *