බස්නාහිර පළාතේ කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම සඳහා සහන කාලයක්
බස්නාහිර පළාතේ කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම සඳහා සහන කාලයක් ලබා දීමට තිරීණය කර ඇත.
බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජේ. එම්. සී ජයන්ති විජේතුංගු මහත්මිය සඳහන් කළේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරනු ලබන පරිගණක පද්ධතිය වරින් වර බිඳවැටීම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවයි.
ඒ අනුව එළඹෙන 12 වනදා සිට 31 වනදා දක්වා කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර සඳහා නොවැම්බර් මස 30 වනදා දක්වා දඩ අය කිරීමකින් තොරව ආදායම් බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කෙරේ.
පරිගණක පද්ධතිය යථාතත්වයට පත් කිරීමට විධිමත් ක්‍රියාමාර්ග ගන්නා තෙක්, මහජනතාවට සිදුවන අපහසුතාවයන් වැළක්වීම සඳහා එම සහන කාලය ලබාදෙන බව ද එම මහත්මිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

