පිටරටින් ආනයනය කරන ලද සහල් තොගයක් අද දිවයිනට
පිටරටින් ආනයනය කරන ලද සහල් තොගයක් අද (10) කොළඹ වරායට ළගාවීමට නියමිතය.
මෙම සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 100ට අඩුවෙන් ලබා දෙන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
ඒ අනුව පළමු පියවර යටතේ සතොස හරහා මෙම සහල් අලෙවි කිරීමට සැලසුම් කර ඇත.
වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ පසුව සමූපකාර සහ සුපිරි වෙළෙඳසැල් ජාල හරහා මෙම සහල් රුපියල් 100ට අඩුවෙන් අලෙවි කිරීමට කටයුතු කරන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

