දේශීය

ගෑස් මිල ඉහළට

ලාෆ් ගෑස් සමාගම ද ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ගණන් ඉහළ දමා තිබේ.

ඒ අනුව ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 984කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 2,840කි.

එමෙන්ම කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් 393කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 1,136ක් වේ.

ඊයේ (10) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ගණන් ඉහළ දැමීමට තීරණය කළ බව ලිට්‍රෝ සහ ලාෆ් සමාගම් සඳහන් කළේය.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,257කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 2,750ක් ලෙසය.

එමෙන්ම කිලෝග්‍රෑම් 5ක් වු ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 503කින්ද, කිලෝග්‍රෑම් 2.5ක් වු ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 231කින්ද ඉහළ නැංවීමට එම සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 5 ගෑස්  සිලින්ඩරයක් රුපියල් 1,101ක් වන අතර කිලෝග්‍රෑම් 2.5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 520ක් බව ලිට්‍රෝ සමාගම සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *