ලිට්‍රෝ ගෑස් මිල යළි සංශෝධනය කෙරේ
ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල නැවත සංශෝධනය කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ.
ඊයේ (10) රාත්‍රීයේ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,257කින් ඉහළ දැමූ අතර කෙසේවෙතත් අද (11) දිනයේ එහි මිල රුපියල් 75කින් අඩු කර තිබේ.
ඒ් අනුව එහි නව මිල වන්නේ රුපියල් 2,675කි.
එසේම කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 503කින් ඉහළ දැමූ අතර අද දිනයේ එය රුපියල් 30කින් අඩු කර තිබේ.
එහි නව මිල සටහන් වන්නේ රුපියල් 1,071ක් ලෙසයි.
මේ අතර කිලෝග්‍රෑම් 2.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 231කින් ඉහළ දැමූ අතර අද දිනයේ එය රුපියල් 14කින් අඩු කර තිබේ.
ඒ අනුව එහි නව මිල රුපියල් 506ක් බව ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

