සරසවි සිසුන් සඳහා එන්නත්කරණය අද ඇරඹේ
විශ්වවිද්‍යාල සිසුන් එන්නත්කරණය අද (11) පෙරවරුවේ සිට ආරම්භ කර තිබේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ විශ්වවිද්‍යාල 17ක මෙන් ම මණ්ඩපවල එම කටයුතු සිදු කෙරෙන බවයි.
සිය අනන්‍යතාව හෙළි කර ලඟම ඇති විශ්වවිද්‍යාලයකදී විශ්වවිද්‍යාල සිසුන්ට එන්නත ලබා ගත හැකි බව මහාචාර්යවරයා සඳහන් කරයි.
අවුරුදු 20 – 30ත් අතර විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩලයට ද එහිදී එන්නත ලබා ගත හැකි බව මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Please follow and like us: