තාරකා ඉබ්බන් ලඟ තබාගෙන සිටි තිදෙනෙකු අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස අලෙවි කිරීම සඳහා ලඟ තබා ගෙන සිටි තාරකා ඉබ්බන් 223 දෙනෙකු සමග ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (10) මීගමුව මූලස්ථාන පොලීසියට ලද තොරතුරක් අනුව එම වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි.
පොලීසිය පැවසුවේ මීගමුව කොප්පරාහන්දියේ ගොඩනැගිල්ලක් තුළදී තාරකා ඉබ්බන් පෙට්ටිවල දමා ප්‍රවාහනය කිරීමට සූදානම්ව තිබියදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (11) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

