ඉන්දීය යුද හමුදා ප්‍රධානියා අද දිවයිනට
ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන මහතා දින 5ක නිල සංචාරයක් සඳහා අද (12) මෙරටට පැමිණීමට නියමිතව තිබේ.
ඒ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයකට අනුවයි.
මෙම සංචාරය තුළදී ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක් හමුවීමට නියමිත බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් නාරාවන මහතා ලබන බ්‍රහස්පතින්දා සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තුවේ 38වන සංවත්සර උත්සවයට ද සහභාගීවීමට නියමිතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

