දේශීය

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කෙරේ

පෞද්ගලික අංශයේ සේවකයින් විශ්‍රාම යාමේ අවම වයස අවුරුදු 60දක්වා දීර්ඝ කිරීමට අදාළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

දැනට පවතින අවම වයස් සීමාව සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පත සකස් කිරීමට ඉකුත් මාර්තු 23වන දා කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබාදී ඇත.

වයස අවුරුදු 52 එළඹ නොමැති සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමටත් පනත ක්‍රියාත්මක වන දිනයේ දී වයස අවුරුදු 52 හෝ ඊට වැඩි සේවකයින් ඔවුන්ගේ වයස අනුව කාණ්ඩ තුනක් යටතේ උපරිම වශයෙන් වයස අවුරුදු 59 දක්වා සේවයේ යෙදවීමට හැකි පරිදි විධිවිධාන ඇතුළත් නීති කෙටුම්පත එලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ එම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අදාළ කැබිනට් තීරණය පහතින්,


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *