දේශීය

ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් සමග තවත් ගිවිසුමක්

ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගම සමග මෙරට විදුලිබල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අද (12) තවත් ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

ඒ අනුව මීට පෙර අදාළ සමාගම සමග ඇති කරගනු ලැබූ ගිවිසුමේ දිගුවක් ලෙස මෙම නව ගිවිසුම අත්සන් කිරීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මෙහෙයුම් කමිටු සාමාජික රන්ජන් ජයලාල් මහතා සඳහන් කළේය.

එම ගිවිසුම අත්සන් තැබීම සඳහා නිව් ෆෝට්‍රස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා මෙරටට පැමිණීමට නියමිත බව රන්ජන් ජයලාල් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *