දේශීය

ඉන්දීය යුද හමුදා ප්‍රධානී අද ජනපති හමුවෙයි

සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන මහතා අද (13) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව තිබේ.

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයකට අනුව මනෝජ් මුකුන්ද් නාරාවන මහතා දින 05ක සංචාරයක් සඳහා ඊයේ (12)  දිවයිනට පැමිණියේය.

අද උදෑසන 11.30ට ඉන්දීය යුද හමුදා ප්‍රධානීයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී සාකච්ඡා කිරීමට නියමිතව ඇති අතර ඔහු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රජයේ ආරක්ෂක ප්‍රධානීන් හමුවීමට ද නියමිත බව වාර්තා වේ.

ඉන්දීය හමුදා ප්‍රධානි මනෝජ් මුකුන්ද් නාරාවන මහතා හෙට (14) සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තුවේ 38 වන සංවත්සර උත්සවයට සහභාගී වීමට ද නියමිතය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *