කොළඹ උසස් පෙළ සිසුන්ට 15 වනදා ෆයිසර් එන්නත
කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම කලාපවල අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට එළඹෙන සිකුරාදා (15) දිනයේ දී ෆයිසර් එන්නත ලබාදීමට නියමිතය.
වයස අවුරුදු 18 හා 19 වයස්වල සිසුන්ට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම එළඹෙන 21 වනදා පාසල්වලදී සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව කටයුතු සූදානම් කර තිබේ.
ඒ අනුව එහි නියමු ව්‍යාපෘතිය ලෙස මෙම එන්නත්කරණ වැඩසටහන 15 වනදා කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපකයකදී ආරම්භ කිරීමට නියමිතව ඇත.
එන්නත් ලබාගත හැකි ස්ථාන පහතින්,
· හෝමාගම කලාප කාර්යාලය
· කොළඹ කලාප කාර්යාලය
· ජයවර්ධනපුර කලාප කාර්යාලය
· පිළියන්දල කලාප කාර්යාලය
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

