තේ වගාවන් සඳහා සුදුසු පොහොර වර්ගයක් ලබාදීමට කටයුතු – රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර
තේ වගාවන් සඳහා සුදුසු පොහොර වර්ගයක් ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කර තිබේ.
තේ ගොවියාගේ ගැටලුව විසඳීම සඳහා රාසායනික පොහොර වර්ගයක් ලබා දෙන බවයි අමාත්‍යවරයා අද (13) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇත්තේ.
එසේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරන අතර රජය විසින් කාබනික පොහොරවලට මාරු වීමේ උත්සාහය ද අත්හැර නොමැති බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

