ක්‍රීඩා

බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර පළමු පුහුණු තරගයේ ජය ශ්‍රී ලංකාවට

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ පළමු නිල පුහුණු තරගයේ ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ බංග්ලාදේශයට එරෙහිව කඩුලු 4ක ජයක් වාර්තා කරමිනි.

බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දුන්  අතර තමන්ට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 147ක්  රැස් කරන ලදි.

එහිදී සෞම්‍ය සාකාර් ලකුණු 34ක් ,ලිටොන් දාස් ලකුණු 16 ක් සහ මහෙදි හසාන් නොදැවී ලකුණු 16 ක් ලබා ගන්නා ලදි.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ දී දුෂ්මන්ත චමීර ලකුණු 27කට කඩුලු 3ක් දවා ගත් අතර ළහිරු කුමාර, මහීෂ් තීක්ෂණ, වනිදු හසරංග හා දසුන් ශානක එක් කඩුල්ල බැගින් දවා ගත්තේය.

ජයග්‍රහනය සඳහා ලකුණු 148ක ඉලක්කයක් සමග  පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 6ක් දැවී ජයග්‍රහනය වාර්තා කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 62 ක් හා චාමික කරුණාරත්න ලකුණු 29 ක් රැස් කරන ලද.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *