දේශීය

බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අද (13) සිට සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීමට තීරණය කර තිබේ.

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතියේ බිඳ වැටීම් හේතුවෙන් එලෙස බලපත්‍ර නිකුත් කිරීම අත්හිටවූ බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පරිගණක පද්ධතිය යාවත්කාලීන කරන තෙක් තාවකාලික පියවරක් ලෙස බස්නාහිර පළාතේ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ලබන 26 වන දා දක්වා අතුහිටුවනු ඇත.

ඒ අනුව 2021.08.12 දින සිට කල් ඉකුත් වූ වාහන ආදායම් බලපත්‍ර ලබාදීම හා 2021.12.31 දින දක්වා කාලය තුළ ලබාගත යුතු බලපත්‍ර නිකුත් කිරීම ලබන 27 දින සිට ක්‍රියාත්මක වන පරිදි පහත සඳහන් දිනවලදී බස්නාහිර පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තුව, කළුතර , ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කවලට අදාළ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් සිදු කරන බව ද අදාළ නිවේදනයේ සඳහන් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *